Pages

Sunday, October 16, 2016

FINAL SCRIPT




1 වන  දර්ශනය

              වැවක කණ්ඩියක් මත සරත් සහ සුනිල් වාඩිවී සිටියි .  ඈත  ඔවුන්ගේ බිරින්දෑ දෙදෙන ඇවිදිමින් සිටියි .ඒ දෙදෙනා ඔවුන් සිටි පෙදෙසට  පානගයි.


සරත් - මන් අහල තියනවා දතක් ගැලවිලා වැටෙනවා හීනෙන් දකින්න හොඳ නැහැ කියල . එහෙම නේද?

සුනිල් - ඇයි  උඹ එහෙම එකක් දැක්කද ?
සරත් - එහෙම හීනයක් මම ඊයේ දැක්ක .

සුනිල් - ඕව ගණන් ගන්න එපා බන් .  ඒක නෙවේ , මගේ ලොකු දුව දැන් බඳින්න යනවනේ . මට නං හිතා ගන්ඩවත්  බැහැ .මේ ඊයෙ පෙරේදා මගෙත් එක්ක හුරතල් වෙච්චි කෙල්ල.

සරත් -  කොල්ල  හොඳද ?  

සුනිල් - මට තේරෙන්නේ නැහැ බන් මිනිස්සුන්ට කොහොම මුහුණ දෙන්නද කියල  මේක මුන් දෙන්නගේ අවුරුදු හතරක affair එකක්ලු. කොල්ලනම් හොඳ පාටයි.

සරත් -කොල්ල හොඳනම් ඉතින් මොකද්ද ප්‍රශ්නේ ?


සුනිල් - පී එච් ඩ් එකකුත් තියනවා . ඒ උනාට  පකිස්තාන් කාරයෙක්

සරත් - කොල්ල හොඳනම් අනිත්ව ප්‍රශ්න කරගන්න එපා . ලස්සනට වැඩ ටික කරලා දාපන්

සුනිල් -එහෙම තමයි හිතාගන ඉන්නේ .

සරත් -අපේ එකා කොහොම වෙයිද දන්නේ නැහැ . දෙයියෝ තමයි  දන්නේ . දැනට නම් මොකවත් දැනගන්න නැහැ 

මේ වනවිට කමලා සහ නිමාලී ඔවුන් ලඟට පැමිණ  සිටියි .

නිමාලී - මොකද්ද බර කතාව  ?
සුනිල් - නැහැ මේ දුවගේ මංගල්ලේ ගැන....
නිමාලී- අපිත් කතා කළේ ඒ ගැන තමා.
සරත් - අපි දැන් යමු නේද?

ඔවුන්  දෙදෙනා නැගිට කමල සහ නිමාලී සමග තම වාහනය දෙසට යයි

                     2 දර්ශනය


සරත් සහ කමලාගේ නිවස . සරත් පත්තරය කියවමින් සිටියි . කමල තේ කෝප්ප දෙකක් රැගෙන පැමිණ එකක් සරත්ට දී අනික රැගෙන අසල පුටුවක වාඩිවෙ .

සරත් - මට මේ දවස්වල නිතරම බඩේ දැවිල්ල . මොකක් වෙලාද මන්දන් නැහැ .

කමල -ඔයා බොන පෙතිවල සයිඩ් ඉෆෙක්ට්ස් . ඇන්සයටි වගේ වෙන්නැති .

සරත් -නැහැ එහෙම එකක් නෙවෙයි .දැන් සතියක් විතර මගේ වම් ඇහැ නටනව .කර්ම විපාක වලින්  ගැලවෙන්නත්  බැහැනේ .  
න අත්ත ලික්ඛේ න සමුද්ද මජ්ජේ- න පබබ්බතානං විවරං පවිස්ස

කමල -(සිනාසී) අනේ ඔයාගෙ බණ. වෙන්න තියෙන දෙයක් වෙයි. ඔච්චර ගණන් ගන්න එපා.

(කමල නැගිට සරත්ගේ තේ කෝප්පයද රැගෙන ගෙතුලට යයි )


සරත් -මගේ පපුවේ තියන ගින්දර ගැන දන්නේ මම විතරයි .මට හරිම බයක් දැනෙනවා .


(ඔහුගේ මුහුණේ විඩාපත් ගතියක් පෙනේ )

          3 දර්ශනය


( කමලා කුස්සියේ වැඩක නිරතවී සිටියි . සරත් වත්තේ වැඩක්  කරමින්  සිටිනු පෙනේ . දුව කාන්ති මව සිටින දෙසට එයි )

  කාන්ති - අම්මේ දුලාරි අක්කගේ බ්‍රියිඩ්ස් මේඩ්ට මාව අරන්           


කමලා - හැබෑට? හරි ශෝක්නෙ .අළුත් සාරියක් ගන්න වෙයි නේ ?)
ඔයා තාත්තට කිව්වද ?

කාන්ති - තාම නැහැ . අම්මටයි  ඉස්සෙල්ලම කිව්වේ .

කමලා - අපි යමු එලියට .තාත්ත වත්තේ වැඩ . හරි සතුටු වෙයි
 

(ඔවුන් දෙදෙනා වත්තට යයි . සරත් වැඩ කරමින් සිටිනු පෙනේ. සරත් ඔවුන් දැක වැඩ නවත්වයි . )

කාන්ති - තාත්තේ  දුලාරි අක්කගේ බ්‍රියිඩ්ස් මේඩ් ට මට එන්න කිව්වා .මාත්  ඉතින් හා කිව්වා

සරත් -ඇත්තට ? ඒක හොඳයි . දුවත් කැමතිනේ ?

කාන්ති - අන්කල් ලුයි ආන්ට්යි හෙට එනවා කිව්වා අම්මලට කියන්න (invite කරන්න)

සරත් - ආ ඇත්තද ? එහෙනං ලන්ච් එකටම එන්න කියන්න.
කමල - ඔව් ඒක හොඳයි.

( කමලා දුවගේ උරහිස මත අත  තබා  සිනසෙයි .සරත් දෙසද බලා ඔවුනොවුන් සතුටෙන් සිනසෙයි)

                              4 වන දර්ශනය


(සරත්ගේ නිවස ඉදිරියේ කාරයක් නවත්වනු පෙනේ .සුනිල් සහ නිමාලි කාරයෙන් බැස මොවුන්ගේ නිවස දෙසට පාතබයි . සරත් ඉදිරියට ගොස් ඔවුන් පිලිගනියි.)

සරත් - ආ එන්න එන්න . අපි මග බලාගෙන හිටියේ  දුව කිව්වා ඔය දෙන්න එනවා කියල .

සුනිල් - ඔව් ඔව් අපි පොඩි ආරාධනයක් කරන්නයි  ආවේ .  
සරත් -ඔව්. අපිට ආරංචියි .  හත් අට පොලකින් වාඩිවෙමුකෝ.

(ඔවුන් වාඩිවෙයි . කමලා ගෙතුළ සිට පැමිණෙයි )

කමලා -කොහොමද නිමාලි ? කොහොමද සරත් ?

දෙදෙනාම - වරදක් නැහැ කමලා 

නිමාලි - අපි ඔය දෙන්නට අපේ  දුගේ මංගල්ලෙට ආරාධනා  කරන්නයි  ආවේ .

( ඇය  නැගිට ආරාධනා  පත කමල  අතට දෙයි )

අපිට ඔයාගේ දුවවත් ඕනේ බිරයිඩ්ස් මෙඩ්ට.

කමලා - ආ කොච්චර හොඳද . ඔන්න දුව හරි ආසාවෙන් ඉන්නවා .

සුනිල් - ආ එහෙමද ? එහෙනං ගොඩාක් හොඳයි .

කමලා -කෑම ලෑස්ති කරල තියෙන්නෙ. කෙලින්ම කෑම කනවද ? මොනවත් බීල ඉන්නවද ?
 


නිමාලි - අනේ මේ . ඔයා කරදර වෙලානේ . අපි ආවේ කරදර කරන්න නෙවෙයි .

සරත් - මොන කරදරයක්ද  සන්තෝසයක් මිසක් .

කමලා - අපිට ලොකු සන්තෝසයක් ඕගොල්ල ආපු එක . යමු  එන්න මේ පැත්තෙන් .

( ඔවුන් නැගිට ගෙතුලට යයි )


                   5 දර්ශනය


( මගුල් ගෙරින් පසු සරත් කමලා සහ කාන්ති ගෙට ගොඩවෙයි. ඔවුන් විඩාපත් බවක් පෙන්වයි .කාන්ති තමා ඇඳ සිටින ඇදුම් කට්ටලය දෙස කන්නාඩියෙන් බලයි . මෙය දකින සරත්  සිහින මවයි. කාන්ති මනාලියක් ලෙස සැරසී සිටින අයුරුත් කමලා ඈට අන්දවන අයුරුත් ඔහුට මැවී පෙනෙයි .

මනමාලයා පැමින කාන්ති සමග සිනාසේ . ඔහු සිංහල කොල්ලෙකි. කාන්ති සෙමෙන් ඔහු වෙතට යයි ) 

 කමලා - ( සරත් බර කල්පනාවක බව දැක ) මොකද බර කල්පනාවක ?


සරත් - නැහැ මන් නිකන් කල්පනා කරා අපේ දුව ගැන .

කමලා - මොනවා කල්පනා කරන්නද දුව ගැන ? ඒක නෙවෙයි.මගුල් ගෙදර ජයට තිබුනනේ ?

සරත් - ඔව් ඔව් . සුනිලුයි නිමාලියි සෑහෙන්න මහන්සි වෙලා තියනවා

කමලා - හැමදෙයක්ම ලස්සනට කරලා තිබුනා .කෑම බීමත් හරි ෂෝක්. කිසි අඩුපාඩුවක් තිබුනේ නැහැ

සරත් - ඒක ඇත්ත .

( කාන්ති ගෙතුළ සිට පැමිණෙයි )

කාන්ති -  අම්මේ මේ කට්ට ගලවන්න පුලුවන්ද සාරි පොටේ ?

කමලා - ආ කෝ ඉන්න . ( කමල එසේ කරයි.)

සරත් - දැන් මගේ දුව කවදද බ්‍රයිඩ් කෙනෙක් වෙන්නේ ?      

කාන්ති - තාත්ති කැමතිද වෙන ජාතියේ කෙනෙක් මැරී කරනවට ?

සරත් - ඒක තීරණය කරන්න ඕනේ ඔයා .ඔයාට හොඳයි නම්, උගත් නම් , ජීවත් වෙන්න සැහෙන ආදායමක්  තියනවා නම් අනිත්ව  ප්‍රශ්න   නෙවෙයි . ඒත් ඉතින් මම නම් වැඩියම කැමති ලංකාවේ සිංහල කොල්ලෙකුට .

( කාන්ති කිසිත් නොකියා සිනාසේ )

 කාන්ති කාමරය දෙසට යනු මව සහ පියා බලා සිටියි.


                        6 දර්ශනය

 සරත් තම මංගල ඡායාරූපය හා දුවගේ කුඩා කල පින්තූර දෙස බලමින් සිටියි.

ඔහුගේ හිත අතීතය කරා ගමන් කරයි . කාන්ති  සත් හැවිරිදි දැරියකි . කමලා  පුටුවක වාඩිවී මැහුමක්  නිමකරමින් සිටියි. සරත් හැඳ සිටින සරම ඔලොගුවක් කොට එහි කාන්තිව පද්දමින් සිටියි . සැරෙන් සැරේ කමලා එදෙස බලමින් සිනාසේ .
කාන්ති - තාත්ති  ඩොලර් ලක්ෂයකට මාව ට්‍රේඩ්  කරනවද ?

සරත් -නැහැ  මට ඊට වඩා ඔයාව වටිනවා .

කාන්ති - කීයක් ?

සරත් - ප්‍රයිස්ලෙස්.

කාන්ති - මට ඇහැක් ඕන  උනොත් තාත්ති දෙනවද ?

 සරත් -මා ළඟ තියන ඕනෑම දෙයක් මම දුවට දෙනවා . (සරත් ස්ථීර හඬකින් කියයි .)


කමලා -අනේ ඇත්තට මේ ළමය අහන දේවල් . . කොහෙන් ඉගෙනගත්ත දේවල්ද මන් දන්නේ නැහැ .

සරත් - දැන් ළමයි හරි දියුණුයි කමලා .අපේ කාලේ වගේ නෙවෙයි .

( කාන්ති අහිංසක ලෙස මහා හයියෙන් සිනාසේ )

               7 දර්ශනය


කමලා මේසය මත තබා ඇති කිරිබත් , ලුණු මිරිස්  සහ මාළු දීසි මත හැඳි තබයි  . ඉන් පසු පිඟන් රැගෙන විත් මේසය මත තබමින් දුවට සහ සරත්ට කතා කරයි .

කමලා - එන්න කාන්ති සරත් කිරිබත් ටිකක් කන්න . දුව රස්සාවට යන මුල් දවසනේ . ඒහින්ද  මම කිරිබත් හැදුවා .

සරත් - ආ ඇත්තද ? ( කඩිනමින් මේසය වෙතට එමින් ) ඒක හොඳයි . දුව එන්න .

          ( කාන්ති සාරියක් ඇඳගෙන කෑම මේසය ලඟට එයි .)


කමලා -ශා  හරි ලස්සන  ඇඳුම .

           ( කාන්ති වාඩිවෙ . සරත් ඇයට  බෙදයි . ඔහුත් බෙදාගෙන කෑමට පටන් ගනියි )


සරත් - ඒක නෙවෙයි . දුවගේ  ඔෆීස් එක වැඩපොළ මගේ ඔෆීස් එකට එතරම් දුර නැහැ .මට පුළුවන් දුවව බස්සගෙන යන්න .

කාන්ති - ඇත්තද තාත්ති ? මම මේ බස් එකේ යන්න හිටියේ .

සරත් - මන් එතෙනින් බස්සගෙන යන්නන් . ආපහු එනකොට බස් එකේ එන්න වෙනවනේ ?

කමලා - ආ එකනං ලොකු දෙයක් . උදේට බස් එනකන් බලාගෙන ඉන්න ගියාම දුවට පරක්කු වෙන්නත් ඉඩ තියනවා .

කාන්ති - අම්මත් කන්නකෝ .

කමලා -හා හා මට පස්සේ කන්න බැරිය. ඔය දෙන්න ඉක්මනට යන්න .

සරත් -ඔයත් කෑල්ලක් කන්න .අද හොඳ දවසක් නේ?.

කමලා - හා ඉන්න එහෙනං මාත් කන්නන්කෝ . දුවගේ රස්සාවට සුබ  පතනවා .( කමල කිරිබත් කෑල්ලක් කනගමන් කියයි )


        8 වන දර්ශනය


( ගෙර සාලයේ සරත් එහා මෙහා ඇවිදිමින් සිටියි. කරුවල වැටීගෙන එයි .ඔහුගේ මුහුණේ කනස්සලු ගතියක් ඇත .)

කමලා - (  එතනට පැමිණෙමින් ) දැන් දැන් දුව ටිකක් පරක්කු වෙනවා නේද ? මොකක් හරි පටලවාගෙනද දන්නේ නැහැ .

සරත් - හ්ම් , මාත් ඒක තමයි හිතුවේ . පොඩ්ඩක් විපරම් කරලා බලන්න ඕනේ . මේ ලමයි  හරි  මෝඩයිනේ. කොයි වෙලේ අමාරුවේ වැටෙයිද දන්නේ නැහැ .

කමලා-  මන්  කතාකරලා බලන්නම් .  කවුරුහරි ඉන්නවනම් ගෙරට එක්ක එන්න කියන්න ඕනේ .

සරත් - ඔවු  එහෙම හොඳයි . ඕවට විරුද්ද වෙලත් බැහැනේ .හොඳ කෙනෙක්ද කියල බලා ගත්තම හරි.


                       9 වන දර්ශනය


( සරත් කාමරයේ ඇඳේ වැතිර කල්පනාවේ ගැලී සිටියි .ඔහුට සාලයේ අඩි ශබ්දයක් ඇසෙ .ඒ මොහොතේ කමලා නාන කාමරයේ සිට එලියට එයි .)

සරත් - දැනුයි දුව ආවේ . ( ඔහු කමල දෙස බලයි . කමලා අල්මාරිය ඇර යමක් සොයයි .) ඔයාට නං ගානක්වත් නැහැ .

කමලා - මොකද ගානක් නැත්තේ? මයි කියල මොනවා කරන්නද ?

සරත් -තාම කතා කරලා බැලුවේ නැද්ද ?

කමලා -වෙලාවක් හම්බ උනේ නැහැ . දුව කොයිවෙලෙත්  ගෙදෙර නැහැනේ . සෙනෙසුරාදාට අහන්නයි ඉන්නේ.

සරත් -මට විතරයි වගේ මේ හැටි අමාරුවක්  තියෙන්නේ .

       ( කමලා මදක් කෝපවෙයි)


කමලා -ඇයි අනේ ඔයා  ඔහොම කතා කරන්නේ ? මමනේ දරුවාව මාස නාමයක් බඩේ තියාගෙන මාස හතක්ම වමනේ දදා දුක්වින්දේ .. ඔයාද ඒව කළේ ? මොන්ටිසෝරි යන කාලේ බතල ගෙඩිය වගේ බරට බරේ උස්සගෙන  ගියේ මමනේ .ඇදුම හැදිලා දඟලනකොට ඉස්පිරිතාලේ නිදිමරපු හැටි ? මතක නැද්ද ?  ( ඇය මදක් නිශ්ශබ්ද වෙයි ).  මේවා හෙමින් සීරුවේ විසඳන්න ඕන දේවල් . ඔයා වගේ මාත් කලබල උනොත් හොඳට  තියෙයි .

( සරත් අනිත් පැත්තට හැරි  නින්දට යයි )


                          10 වන දර්ශනය



(සෙසුරාද උදයේ කමලා කුස්සියේ වැඩක යෙදෙමින් සිටයි . කාන්ති කුස්සියට පැමිණ වතුර එකක් බොයි  .)

කමලා - දු මෙච්චර පරක්කු වෙන්නේ මොකද ගෙදෙර එන්න ? අපි ටිකක් බයේ හිටියේ පහුගිය ටිකේ . (සිනාසී ) කවුරුහරි හම්බවෙලාවත්ද ?

කාන්ති - මන් අම්මලට කියන්න හිටියේ .

  (සරත් හෙමින්සීරුවේ කුස්සිය දෙසට පානගයි )


            එයාගේ නම ලුඉස් . එයාගේ තාත්තට ලොකු ෆාම් එකක් තියනවා . හරි සල්ලිකාරයෝ . හැබැයි මෙක්සිකෝවේ .


          ( සරත්ගේ මුහුණ මලානික වේ .)


          ( කාන්ති සරත් දැක ඔහු වෙතට එයි )  ලුඉස්  රැපර් කෙනෙක්  තාත්ති .     එයාගෙම ඇල්බම්ස් තියනවා . ඉන්න මන් අරන් එන්න


            ( කාන්ති කාමරයට යයි . කමල සහ සරත් මුනට මුන බලා ගනියි . කාන්ති කවරයක් රැගෙන සරත් වෙතට එයි )


කාන්ති - මේ ඉන්නේ

            ( උඩුකයට කිසිත් ඇඳ නැති, ඇඟ පුරා පච්ච කෙටු, ලොකු සුදු යකඩ මාල හත් පොටක් දැමු තට්ට ගෙඩියකුගේ රුපයක් තිබෙන CD කවරයක්  සරත්ට පෙන්නුවාය )


සරත් - ( එම කවරය දෙස බලමින් අනිත් පසට හැරී මදක් දුර ඇවිදියි ) sheriff  Department  එකේ ඉන්නවා මගේ යාලුවෙක් . මට පුළුවන්   මෙයා ගැන හොයන්න .

කාන්ති - ඇයි මොකටද ?

( සරත් කුමක් කියන්නදැයි මොහොතකට සිතයි )

සරත් - ඇයි අපේ ජාතියේ කෙනෙක් උනත් අපි හොයනවනේ . ඉතින් පිට ජාතියේ කෙනෙක් උනාම තවත් හොයල බලන්න ඕනෙනේ . කොයි වගේ පවුලක්ද , මේගොල්ලෝ මොනවද කරන්නේ , කොහෙද ඉන්නේ කියන එක . ඒක සාමාන්‍ය දෙයක් .

කාන්ති - තාත්තට ඕන දෙයක්  ( කාන්ති කාමරයට යයි . කමලා  සහ  සරත් තුෂ්නිම්බුතව මුනට මුණ බලා ගනියි .)

                11 වන දර්ශනය



සරත්ගේ  කාර්යාලය . ඔහු තම මේසය මත වාඩිවී සිටියි .ටෙලිෆෝනය  ගෙන එහි නොම්මරයක් ගසයි .


සරත් - ශේරිෆ්  ඩ්පාට්මෙන්ට්  ප්ලීස් .  ( ඔහු මදක් සිටියි ). හලෝ මේ අයි ස්පීක් ටු ෂෙරිෆ් බාර්න්ස් ප්ලීස් . යේස්  අයි විල් හෝල්ඩ් .

          (සරත් නොඉවසිල්ලෙන් සිටින බව පෙනේ ).


         හලෝ දිස් ඉස් සරත් . අයි ඇම් ගූඩ් . හව් ආ යු ? ( මදක් සිට ) යේස් අයි නීඩ් සම් හෙල්ප් ෆ්‍රොම් යු . I need some information regarding a guy named Louis Hernandez. yes that's correct. o. k . thank you so much . Bye .


ඔහු මදක් සැනසී ටෙලිෆෝනය තබයි . කල්පනාවකට වැටෙයි .

                           12 වන දර්ශනය


        සරත් සාලයේ පුටුවක වාඩිවී සිටියි . කාන්ති ඉක්මන් ගමනින් ගෙට ගොඩවෙයි . ඇය වැඩට ගොස් ගෙදෙර පැමිණෙන වෙලාවය . මදක් අඳුර පැතිරී ඇත .



කාන්ති - තාත්ති  ලුඉස්ට  හොඳටම කේන්ති  ගිහින් .

සරත් - ඒ මොකටද ?

කාන්ති - තාත්ති  එයා ගැන හොයනවා කියල .

සරත් - එයාට තරහ ගියාට කරන්න දෙයක් නැහැ . ලංකාවේ තාත්තල එහෙම තමයි . මම එයා ගැන විස්තර දැනගත්ත . ලුඉස් බොරුකාරයෙක් දුව . මිනිහට වෙන පවුලක්  ඉන්නවා .  දෙතුන් වතාවක් පොලිසියන් arrest  කරලා තියනවා . එක වතාවක් මාස දකක් ජෙල් එකේ ඉඳල තියනවා, තුවක්කුවක් කාරෙකේ තිබිල අහුවෙලා . තවත් විස්තර හොයා ගත්ත.

        ( කාන්ති මදක් තුෂ්නිම්බුතව  පියා දෙස බලා සිටියි .)


          දුවේ ඔයා රැවටිලා . ලුඉස් කලින් බැඳපු කෙනෙක් .


කාන්ති - කන්න දෙයක් නැහැ . දැන් ටු ලේට් . ( ගෙතුලට යමින් ) I am having his baby . we are going to Mexico next week.

         ( සරත්  එක්වරම පුටුවෙන් නැගිටියි . මද වෙලාවක් ගල් ගැසී බලා සිට නැවත ඉබේම ඉන්දවෙයි . එවිට ටෙලෙෆෝනය නාද වෙයි .කමල පැමිණ ෆෝන් එක ගනියි .


 කමල - මේ ඔයාට කෝල් එකක් .


          ( සරත් ගොස් ෆෝනය අතට ගනියි )


sarath - hello

Louis - Hey old man. don't try to do anything stupid. I will take care of your little bitch. Puta Maadre.

  ( සරත් එක්වරම රිසීවරය තබයි .  ඔහුගේ මුහුණේ බිය වූ ලෙසක් පෙනේ )


                  13 වන දර්ශනය


   


            ( කමලා සහ සරත් නිදා සිටියි . එක්වරම වාහනයක් බ්රේක් ගසා මහා හයියෙන් ශබ්දයක් නගමින් නතර කරනු ඇසේ. සරත් තිගැස්සී  ඇඳ මත වාඩිවී කන්දීගෙන සිටියි .  දොරක් එක්වරම වැසෙන අයුරු ඇසේ . මේ වනවිට කමලාද නැගිට සවන් දී සිටියි  සිද්දවන්නේ කුමක්දැයි ඔවුන්ට හරිහැටි වටහා ගැනීමට නොහැකි වෙයි . කටහඬවල්  කීපයක් බහින්බස්  වන අයුරු ඇසේ . එක්වරම සරත් සහ කමලාට යමක් වැටුහුනාසේ  දුවගේ කාමරය දෙසට දිව යයි .   කාමරයේ ලයිට් එක දමා ඇඳ දෙස බලයි . ඇඳ මත  කාඩ් එකක් සහ රෝස මලක් ඔවුන්ට දිස්වේ . දෙදෙනාම එය කියවා බලයි .


"Good Bye Parents " සහ තව මොන මොනවදෝ එහි ලියා තිබුණි .සරත් එක්වරම කමලාගේ අතින් අල්ලා අදියි .

සරත් - යමු යමු ඉක්මනට . අපිට ඒගොල්ලන්ව අල්ලගන්න බැරිවෙන එකක් නැහැ  .
(මේ වෙනුවට මගේ ඔරිජිනල් එකේ තිබුනු දෙබස වඩා හොඳයි නේද ?)
( කමලා එකවර කාමරයට දිවගොස් බ්ලවුස් එකක් ඇඳ ගනියි . සරත්ද කලිසමක් ඇඳ වාහනයේ යතුර රැගෙන එලියට දිව යයි .  කමලාද ඔහු පසුපස යයි )

                         14 වන දර්ශනය


     (සරත්ගේ වාහනය වේගයෙන් පාරේ යනු පෙනේ . එක්වරම පොලිසියෙන් ඔවුන්ව නතර කරයි )


පොලිස් කරු - පුල් ඔවර්,  පුල් ඔවර්  .

      ( සරත් වාහනය අයින් කර නතර කරයි . පිස්තෝලය සමගම පොලිස් කරු ඔවුන් ලඟට එයි .)


police- how are you sir ?  where are you heading to ? do you know what speed you were driving? are you drunk?  insurance and licence please .
      

     ( සරත් ඒවා ඔහුට දෙයි .ඔහු ඒවා ඔහුගේ වාහනය වෙතට රැගෙන ගොස් මද වෙලාවකින් ආපසු පැමිණේ )


police- your record seems o.k. what's the hurry?

sarath- My daughter eloped with a mexican guy. I thought I could catch them before they crossed the border.

police- I don't think that's possible. They must have crossed the border by now. I have daughters too. I understand your situation . But you will have to solve this slowly man. I am giving a ticket for speeding. It coiuld have been more.

  (පොලිස් කරු ටිකට් එකක් ලියයි . සරත් ගේ මුහුණේ බලාපොරොත්තු රහිත පෙනුමක් ඇත .)


                           15 වන දර්ශනය



( කමල  සහ සරත් හැඬු කඳුලෙන් තම දියණියගේ කාමරය අස්පස් කරයි . ඇඳ යට තිබී නොයෙකුත් දේ  ඔවුන්ට සම්බ වේ.  සිගරට් පෙට්ටි , ලයිටර්, බර්ත් කන්ට්‍රෝල්  පිල්ස් ,)


කමලා - (සරත්ට )  මම මේක තනියම අස්කරන්නම් . ඔයා යන්න .

           ( සරත් මුණ එල්ලගෙන එක එල්ලේ බලා සිටියි.  කමලා ඔහුව එලියට තල්ලුකරයි )  යන්නකෝ කිව්වම .


සරත් - ( අඬමින් )  අපි කොහොමද  මිනිස්සුන්ට මුණ දෙන්නේ ?

කමලා - ටිකක් ඕක අමතක කරලා ඉන්න බලන්න . මේක අපේ පුද්ගලික  ප්‍රස්නයක්නේ . අපි කාගෙන්වත් කාල ඇඳල ඉන්නවද ? දුවට ඇත්ත තේරුනාම ආපහු එයි . මගේ හිත කියනවා ඒක.

සරත් - ( බලාපොරොත්තු සහිතව ) ඔයා ඇත්තටම එහෙම හිතනවද ?

කමලා - ඔව් මට එහෙම හිතෙනවා . එදාට අපි සතුටෙන් දුවව බාරගමු . ඔයා ගිහිල්ල දුවගේ මල්වලට ටිකක් සාත්තු  කරන්න . සතියක් වතුර දැම්මෙත් නැහැ . දුව එයාගේ පන වගේනේ රෝස මල් ටික බලාගත්තේ .

                    16 වන  දර්ශනය


        (සරත් කාමරයෙන් පිටවී ගොස් ඉස්සරහ මල් පෝච්චිවල කාන්තිගේ රෝස මල් වලට  සාත්තු කරන්න පටන් ගනියි . නොයෙක් පාට රෝස මල් ඇත .


සරත්ගේ සිතිවිලි පසුබිමින් ඇසේ  -  මල් ටිකට මුකුත් වෙලා නැහැ . පෝර දැම්මම පන ගැහිලා ඒවි  . මේ මල් ටිකට දුව කොච්චර ආදරේද .   එයා ආපු දවසක මල් ටික මේවගේම තිබුනොත් හරි සතුටු වෙයි .

         ( ඔහු එක් පෝච්චියක් වෙන තැනකින්  තැබීමට එම පෝච්චිය උස්සයි . එතන  යතුරක් තිබෙනු දකියි .


 සරත් - මේ මොකද්ද යතුරක් . (කටහඬ උස් කරමින් ) මේ මොකද්ද මේ යතුර ? මල් පෝච්චිය යට තිබුනේ .


         (කමලා එතනට පැමිණේ )


කමලා - ඔය ඉස්සරහ දොරේ යතුර . ඕක ඔහොම්මම තියමු . බැරිවෙලාවත් අපි ගෙදර නැති වෙලාවක ආවොත් ?

          ( සරත් කල්පනාකාරීව යතුර නැවත පෝච්චිය යටට දමයි . කමලා දුකින් එදෙස බලා සිටියි .)


                                        16 වන දර්ශනය


         ඈත ගැහැණු ළමයෙක් ඇවිදගෙන එනු පෙනේ . ඇය කවුරුදැයි   අඳුරන්නට අපහසුය . කමලා වත්තේ වැඩක් කරමින් සිටියි . ඇය  එක්වරම මෙම ගැහැණු ලමයව දකියි . අගේ කුතුහලය ඇවිස්සෙයි . මදක් එදෙස බලා සිට සරත්ට කතා කරයි .


කමලා - සරත් පොඩ්ඩක් මෙහාට එන්න .

සරත් - (පැමිණෙමින් ) ඇයි මොකද ? ( සරත්ද එම ගැහැණු ලමයව දකියි .)

කමලා - අර එන ලමයව අඳුනන්න පුලුවන්ද ?

සරත් - හරියට අපේ දුව වගේ .

          ( ගැහැණු ළමයා ක්‍රමක්‍රමයෙන්  ලං වනු පෙනේ . දුලාරි ඔවුන්ගේ වත්තට ඇතුල් වේ.)


කමලා  -ආ මේ දුලාරිනේ . අපිට අඳුරගන්න බැරි උනා . අපි  හිතුවෙම කාන්ති එනවා කියල . මොකද දුව තනියම ?

දුලාරි - නිමල් අද වැඩ ඇන්ටි . ඉතින් මම බස් එකේ ආව . අනේ ඇන්ටි කාන්ති  ගැන ආරංචියක් නැද්ද ?

කමලා - අපිත් හිත හිත හිටියේ දුවටවත් ආරංචියක් ලැබිල ඇත්ද කියලා . ඕගොල්ලෝ හොඳ  යාළුවොනේ. එන්න දුව වාඩිවෙන්න .

           ( ඔවුන් ඇතුලට යයි . දුලාරි වාඩිවෙයි )


දුලාරි - ගිහිල්ල ටික දවසක් යනකන් මට text  කරා . එත් දැන් නම් නැහැ .

සරත් - මට තාම හිතා ගන්න බැහැ වෙච්ච දේ . අපි මොනවයින්ද  අඩු පාඩුවක් කලේ . ඇමෙරිකන් කෙල්ලන්ටත් නැති තරන්  නිදහස   දුන්නා .

දුලාරි - කාන්ති හරි අවංකයි අන්කල් . එයා රැවටුනා . ඕනවට වඩා හොඳ උනාමත් ඔහොම දේවල් වෙනවනේ .

කමලා - එකනං ඇත්ත තමයි දුව . දුවට ආරංචියක් ආවොත් අපිට කියන්න .

දුලාරි - මන් තව සැරයක්  text කරලා බන්නම් .

සරත් - දුවව දැක්ක එකත් අපේ හිතට ලොකු  සැනසිල්ලක් . අපේ දුව දැක්ක වගෙයි .

කමලා - එන්න දුව ඇතුලට . තේ එකක් බොමු . මන් ඔයාටත් හදන්නම් ( සරත් ට කියයි )

         ( කමලා සහ දුලාරි ගෙතුලට යයි . සරත් එදෙස බලා සිටියි )


                      18 වන දර්ශනය


                                වසරක්   පමණ   ගතවූ  පසු


          (සරත් video  පටයක් නරඹමින් සිටියි . එහි කවරය මේසෙ   උඩ ඇත .එහි නම 'Taken ' යනු පෙනේ . චිත්‍රපටයේ ලියම් නීසන් සියල්ලෝම මරා තම දියණිය බේරාගෙන යන කොටස විකාශනය වේ .. කැමරාව ක්‍රමයෙන් සරත්ගේ මුහුණ වෙතට එල්ලවේ . ඔහුට යම්කිසි අදහසක් පහලවූ බවත් , එය බලාපොරොත්තු සහගත දෙයක් බවත් පෙනේ . ඔහු තම අත් ගොබ දෙස බලා එය සෙමින් අතගායි .ඔහු සිතයි .)


සරත් - ( සිතමින් ) මට පුලුවන්ද ඒ තරම් හපන් කමක් කරන්න ? එත් මගේ දුව පැහැරගෙන ගියේ නැහැ .එයා ගියේ  එයාගේ ඕන කමටනේ .

         ( උස්හඬින් ) කමලා ..........( ඔහුගේ කටහඬ ඇසී කමලා කලබලයෙන් එතනට එයි .)


කමලා - ඇයි   සරත් ?

සරත් - මම තීරණය කරා මෙක්සිකෝ යන්න .මම ගිහින් කෙල්ල ගැන හොයල බලනවා .

කමලා - තනියම ගිහින් කොහොමද ?

සරත් - වෙන මොනවා කරන්නද ? මේවට වෙන මිනිස්සු පටලවා ගන්න බැහැනේ . Sheriff Department  එකේ ඉන්න මගේ යාලුවගෙන් මම  Lois Hernandez  ගේ තාත්ත ගැන හොයා ගත්ත . එයාල පෝසත් මිනිස්සු. ඉන්නේ මෙක්සිකෝවේ රට මැදට වෙන්න. La Plata කියන ප්‍රාන්තයේ .  Durango කිට්ටුව . San Diego  ඉඳල ඩ්‍රයිව් කරනවානම් පැය 14ක් විතර .

කමලා -අනේ මන් දන්නේ නැහැ . කරන දෙයක් පරෙස්සමෙන් . ඔයාටත් මොනවහරි උනොත් මට මොකද වෙන්නේ ?

සරත් - මට මුකුත් වෙන්නේ නැහැ.  ඔයා බය නැතුව ඉන්න .

( කැමරාව ක්‍රමයෙන් කමලාගේ මුහුණට ලං වේ . ඇගේ මුනුනේ බියක් ඇති බව පෙනේ .)

                          19 වන දර්ශනය


( සරත් තම වාහනයෙන් මෙක්සිකෝවේ පාලු පාරක ගමන් කරනු පෙනේ . ඔහු පසු කරන්නේ කටු පඳුරු සහිත ජන ශුන්‍ය ප්‍රදේශයකය . ඉඳහිට කුඩා ගෙවල්, කැඩිච්ච වාහන සහ ගරාවැටුන ගෙවල් දකින්න ඇත . Durango 100 miles  යනු බෝඩ් එකක ලියා තිබෙනු ඔහුට පෙනේ . 'මොටෙල් ' යන නාමපුවරුවක් දැක එදෙසට වාහනය ධාවනය කරයි .ඔහු රථය නවතා ඇතුලට යයි .

sarath-  can I have a room for the night?

cashier- No AC, no window. Is that o.k. ?

sarath- yes, that's o.k.


                                              20 වන දර්ශනය


( පහුවදා උදයේ සරත් මොටෙල් එකේ කවුන්ටරය ලඟට පැමිණේ . ඔහු cashierට කතා කරයි )

සරත් - Do you have a coffee maker?

( ඔහුට කිසිත් නොතේරෙන බවක් පෙනෙයි )

සරත් - coffee  ,Tea  ? (යමක් බොන සැටි අභිනයෙන් පෙන්වයි )

කශියෙර් - Una Momento  ( මෙසේ කියමින් අල්ලපු කඩේට දුව ගොස් අපිරිසිදු coffee maker එකක් , කෝප්පයක් සහ Tea bag එකකුයි අරන් එයි . එය සරත්ට දෙයි.)

                                                                                          21 වන දර්ශනය


( කැමරාව මොටෙල් එක පිහිටි ප්‍රදේශය තුල ඇති දේ ග්‍රහණය කරයි . ක්‍රමයෙන් මොටෙල් දොරටුව වෙත යයි . සරත් දොරෙන් එලියට එනු පෙනේ . ග්රින්ග්රෝස් go back කියමින් අවුරුදු පහළොවක පමණ පිරිමි ළමයෙක් ඔහුට ගලකින් ගැසුහ .එය ඔහුගේ පයේ වැදුනේය .  එවිට වෙනත් පුද්ගලයෙක් මෙය දැක ' ඒයි දුවපන් යන්න . මේ මිනිහ ඇමෙරිකන් නෙවේ ' කියමින් කොල්ල  එලවා සරත් ලඟට පැමිණේ .  )

Pedro- Hey Amigo. What's the problem ? I am Pedro. That boy think u American.

Sarath- I am coming from California. From San Diego. I am looking for a guy. His name is

            Hernandez.


Pedro- ( laughs loud )

sarath- Why are you laughing?

Pedro- Amigo, how many strands of hair you have?

Sarath- may be thousand or hundred thousand. I am not sure. Why?

Pedro- ( still laughing) There are more Hernandezs in Mexico. That's a very common name. need

           more details.


Sarath- Havier Hernandez. he has a big farm.

Pedro-  'oh'

Sarath-  I am looking for his son. He is a Rapper. Louis Hernandez. I can show his picture.

            සරත් CD කවරය ගෙන ඔහුට පෙන්වයි. Pedroගේ නළල රැලිවෙයි. මුහුණ බියකරු වී තොල් වෙව්ලන්ට ගනියි.


Pedro- Why are you looking for him?

sarath- He has to give me some money .  $ 10,000.00.

Pedro- No way. You will not get a cent from him. Hernanderz is rich and they are good people. But the son was doing drug business more than the music. Another gang murdered him and his family about 8 months ago. They killed everyone known to Louis. Even the servants. They set fire to his house. Even the police was scared. His head was hung on the gate.

Sarath -Oh my God. ( සරත්ගේ මුහුණ සුදුමැලි  වෙයි)

Pedro- From Durango you have to go another 15 miles. You will see oil wells. Anybody will show you the place where his house was.

Sarath- Thank you Pedro. I will find the place.I want to see where he lived.
(Pedro is a mexican living in Mexico. His English need not to be perfect- Broken English is good.)
(සරත් තම කාරය  වෙතට යයි .  Pedro ප්‍රශ්නාර්ථයකින් යුතු මුහුණකින් ඔහු යන දෙස බලා සිටියි .)

                                      21 වන  දර්ශනය


( සරත් ගේ වාහනය වෙනත් ගමකට පිවිසෙයි . ඔහුට නුදුරින් මිනි වලවල් කීපයක් පෙනේ . පිළිස්සුනු ද්‍රව්‍ය ද පෙනේ . ඔහු සොයා  ආ ස්ථානය මෙතන  බව ඔහුට වැටහේ . මැලවී ගිය මල් පොකුරු  තැනින් තැන විසිවී ඇත . ඔහුට හැඬුම් යයි. මෙතන ඔහුගේ දුවද ඇති බව ඔහුට වැටහේ .)

සරත් - ( ඔහුගේ සිතිවිලි)  - මගේ කෙල්ල , මගේ ලේ , මම ළමයි හැදුවේ මෙහෙම මැරෙන්නද ? දැන් මට කරන්න දෙයක් නැහැ .ආපහු ගෙදෙර යනවා මිසක් .

( සරත් වටපිට බලයි . කාෂ්ටක  පොලොව .එකම එක ගසක්  ඇත . පාරේ  එහා පැත්තේ කුඩා පල්ලියක් ඔහුට පෙනේ . ඔහු පාර  පැන පල්ලිය දෙසට යයි .පල්ලියට ඇතුල්වේ . වාඩිවීමට දිග බංකු කීපයක් සහ ජේසු තුමාගේ පිළිරුවක්ද ඇත.    පැත්තකින් ලැටිස් ගැසූ දොරක් සහිත කුඩා කාමරයක් පෙනෙන්නට ඇත.  ලැටිස් ගැසූ දොර පිටිපස කිසිවෙකු ඇති බව පෙනේ .සරත් මද අස්වැසිල්ලකින් එදෙසට පියනගයි . ලැටිස්  දොර පිටුපස සිට කිසිවෙක් කතා කරයි .

ෆාදර් - ටිඑනේ අල්ගෝ කුඑ දෙච්ර් ?

සරත් - I don't speak Spanish

Father - you have something to say ?

Sarath - no nothing to say. I came in search of somebody. I didn't find her. Now I am going back to my home in California. I came here to console myself.

Father- I am Father Gonsales. come to my office . it's on your right.

( සරත් ඔහුගේ කන්තෝරු කාමරයට පිවිසෙයි . ඒ  වනවිට ෆාදර් මේසයක් අසල ඇති පුටුවක වාඩිවීමට සැරසෙයි . ඔහු සරත්ටද පුටුවක් පෙන්වයි .)

Sarath - I feel I am in danger. I cannot tell you the truth.

Father- I am here to help you and protect you. Do you believe in God?

Sarath- No, I am a Buddhist. I don't believe in God. I believe only in things that I could feel and

           see. Louis Hernandez took my daughter and brought her here. Now all are dead. I feel


           miserable.


Father - If you believe in things that you feel and see, did you see your daughter's remains ? If so

            why did you come here without going home ? Some energy brought you here. That is


            God. No one can see him. Do you understand ? ( there was a pause) The day that this happened it was like a


            warzone. A girl who was about 20, 25 came running to my church. She was looking  for a


            place to hide. I gave her first aid and disguised her as a nun and took her to an orphanage


            nearby. I do not know whether it was your daughter. As you have come this far why don't


            you visit the orphanage which is close to Santa Cruz Farm and meet Father Rodrigus ?


Sarath- Thank you Father. I will do so.

Father- May God be with you.

සරත් මහත් බලාපොරොත්තු ඇතුව තම කාරය වෙතට යයි .

                                         22 වන දර්ශනය


( සරත්ගේ වාහනය නිවසක් පිහිටි වත්තකට ඇතුල්වේ . ඔහු වාහනයෙන් බස සැකෙන් මෙන් නිවස දෙසට ගමන් කරයි . එහි දොරට තට්ටු කරයි. කන්‍යා සොයුරියක් දොර අරියි . ඔහු සමග සිනාසෙයි .

සොයුරිය -  Hello. you want to see Fr. Rodrigus ?

Sarath - yes.

Sister - come this way.

( ඇය  සරත්ව  කාමරයකට  ගෙන යයි . සරත් කාමරයට ඇතුල්වී ෆාදර්ට අතට අත දෙයි .)

Sarath- I am Sarath ( My name is Saratah). Fr. Gonzales sent me. I am looking for my daughter.

( සරත් දිගටම විස්තර කියාගෙන යනු පෙනේ . සංගීතයත් සමග සරත්ගේ කටහඬ බොඳවී යයි . කැමරාව සෙමෙන් පස්සෙන් පස්සට යයි . මද වේලාවක් සරත් දෙසට එල්ලවී තිබු කැමරාව ඉතා සෙමෙන් සරත්ගෙන් ඉවත්වේ . කැමරාව ක්‍රමයෙන් කොරිඩෝවකට  හැරේ .කොරිඩෝව දිගේ ගොස් කාමරයකට හැරේ . ළමයි කීපදෙනෙකුට උගන්වමින්  සිටින කන්‍යා සොයුරියක් වෙතට කැමරාව ලං වෙයි . ඇය  ඉතා කාරුණික ලෙස ළමයින්ට යමක් උගන්වනු පෙනේ.  ඇයගේ මුහුණ වෙතට කැමරාව එල්ලවේ . එක්වරම ඇය තිගැස්සී ඔලුව උස්සා බලයි . )

කාන්ති -  තාත්ති   ....................

සරත්  - දුව .................

( කාන්ති එක්වරම නැගිට සරත් වෙතට දිව ගොස්  ඔහු වැළඳ ගනියි . සරත්ගේ මුහුණේ කඳුළු බේරෙනු පෙනේ . කැමරාව සරත්ගේ මුහුණට ලංවේ .)

අතීතාවලෝකනය - සරත් සතුටෙන් ඉස්කෝලයක් වෙතට පා නගයි . ඔහු කාමරයකට ගොඩවෙනු පෙනේ. පොඩි ළමයි කීපදෙනෙක් පොත්වල පාට කරමින් සිටියි . කුඩා ගැණු ළමයෙකු 'තාත්ති ' යයි කියමින් ඔහු ලඟට දුව විත් ඔහුව වැළඳ ගනියි . සරත් ඇයව වඩා ගනියි. ඔහුගේ මුව සිනහවකින් පිරී ඇත. (  අතීතාවලෝකනය අවසන් වේ )
(no need ?)
සරත්ගේ මුහුණට නැවත කැමරාව එල්ලවේ .

කාන්ති - ( සරත්ව වැළඳ ගෙනම ) තාත්ති අයි ඇම් සොරි.මම තාත්තිට ගොඩාක් වැරදි කළා . මට තාත්තවත්  අම්මවත් ෆේස් කරන්න බැහැ.

( ඇයගේ ඇස්වලින් කඳුළු බේරේ )

සරත් - පිස්සු නැතුව ආපහු යන්න ලෑස්තිවෙන්න . ( සරත් තම මුහුනේ ඇති කඳුළු පිසදා ගනියි .)

 


                                  23 වන දර්ශනය


සරත්ගේ වාහනය පාලු පාරක ධාවනය වේ . එය තුල දෙදෙනකු සිටින බව පෙනේ . රථය සරත්ගේ නිවස ඇති වත්තට ඇතුල්වේ . කමල  එක්වරම එලියට දුවගෙන එයි . මවිතයෙන් වාහනය දෙස බලයි . ඇය වාහනයට දිව යයි . කාන්ති වාහනයෙන් බැස මව වෙත දිව යයි . දෙදෙනා වැළඳ ගනියි . සරත් වාහනයෙන් බැස එදෙස බලා සිටියි . වරින්වර කමලා සහ කාන්ති ගෙතුලට යන සැටිත් සරත්ගේ මුහුණ වෙතත් කැමරාව එල්ලවේ . අවසානෙදි කැමරාව සරත් ගේ මුහුණෙහි සමීප දර්ශනයකට එල්ලවේ .

                                                  නිමි